• මඩුවන්වෙල ජනකතා - Maduwanwela Janakatha

මඩුවන්වෙල ජනකතා - Maduwanwela Janakatha

  • Price Rs.323 Rs.380

රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයකින් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැඟූ ප්‍රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. මඩුවන්වෙල වලව්ව, එහි භෞතික හැඩතල, මඩුවන්වෙල දිසාව හා පාලක පුවත් විවිධ කෝණයන් මඟින් අධ්‍යයනය කර ජනගත කිරීම මෑතක සිට සිදුවූයේ ද මඩුවන්වෙල දිසාවට ඉහළ කීර්තියක් අත්කර දෙමින් එයින් සුද්දා පෙළීමට තරම් අභිවන්දනීය මානයක ආශ්වාදයක් ලැබීමේ නොතිත් ආශාව හේතුවෙනි. 

එහෙත් රාජ්‍ය සම්මානනීය ලේඛක, ප්‍රවීන ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම අත තබන තුරු මඩුවන්වෙල දිසාව ආශ්‍රිත හා ඒ අවට පසුබිම, සමාජ සංස්කෘතික මූලාශ්‍ර වටා ගොඩනැගී තිබෙන ජනකතා ග්‍රන්ථයක් ලෙස එකතු නොවීම ගැටලුවකි. අනෙක් අතට ජනශ්‍රැතිවේදියෙකුගේ සියුම් පර්යේෂණ ඥානය හඳුනාගැනීමට මෙය වත්මන් විද්‍යාර්ථීන්ට කදිම නිදසුනකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha