• හඳුනාගත්තොත් ඔබ මා - Handunagaththoth Oba Ma

හඳුනාගත්තොත් ඔබ මා - Handunagaththoth Oba Ma

  • Price: Rs.340.00 Rs.425.00

එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවකින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි. 

"ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වෙ කියලා...?" 

මා ඇසුවේ අහිංසක ස්වරයෙනි. 

ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි. 

දන් නෑ නේද... ඒකට කියන්නෙ 'ඇකනයිට්' කියල... ඒක ටිකෙන් ටික ඔයාගෙ ඇඟ ඇතුල විනාස කරනව... අන්තිමටම මෙතන... 

මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට ඇඟිල්ලක් තබමිනි. 

ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැළුණේ, කඳුළුත් දහදියත් මුසුව මුහුණේ රටා මවමිනි. 

"දන්නවද මං ඇයි එහෙම කළේ කියලා...?"


Write a review

Please login or register to review
O2 ආදරේ - O2 Adare

O2 ආදරේ - O2 Adare

Rs.440.00