• තරු පොකුර - Tharu Pokura

තරු පොකුර - Tharu Pokura

  • Price: Rs.270.00 Rs.300.00

කඳුළු පිරීගිය දෑසින් යුතුව  මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණි. 

මනහර සැනෙකින් සඳුනි තරයේ වැළඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා බසින්නට වන. 

තුඩුවෙහාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ. 

මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග්‍රහණයෙන් සඳුනි මුදා හැරියේය. 

දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය. 

අදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළෙන අයුරු නිරාවරණය කරන 'තරු පොකුර' පාඨකයාගේ කුහුල හා රසවින්දනය ඉතා සංයමයෙන් යුතුව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යයි. 

Write a review

Please login or register to review