• රෝසමාලී - Rosamalee

රෝසමාලී - Rosamalee

  • Price: Rs.540.00 Rs.600.00

පියෙක් නොදැන,  අවිවාහක මවකට දාව ඉපදුණු දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලු අඩු ලුහුඩුකම් හා නින්දා අපහාසවලින් පලා යනවා වෙනුවට ජීවිතයේ සුන්දරත්වය දකින්නට හා අපූර්වත්වය විඳින්නට දරන උත්සාහයක් "රෝසමාලී" නවකතාව තුළින් විවරණය වේ. ඇගේ දහහත් වන වියේ ඇය සිය ළමාවිය හා යොවුන්විය ගැන පවසන මේ කතාව අව්‍යාජ ය. අපූර්ව ය. ඇයට ජීවිතයේ හමුවන චරිත හා ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්ථය කිසි විටෙකත් අමතක කළ නොහැකි ය. 

යොවුන් ආලය, භීෂණය, මායාව හා යථාර්ථය, තවමත් අවසාන නැති පාසල් විය ගැන ජීවිතය විනිවිදිමින් ඈ නිරාවරණය කරන්නේ අපේ ම ලෝකයයි. දුක හා පීඩාව මැදින් උපේක්ෂා සහගතව ජීවිතය රස බැලීමට උත්සාහ දරන අපේ ම ජීවිත කතාවයි. 

Write a review

Please login or register to review