• වානරයා - Wanaraya

වානරයා - Wanaraya

  • Price: Rs.595.00 Rs.700.00

Wu Cheng'en විසින් රචිත The Monkey කෘතියේ සිංහල පරිවර්තනය. 

මේ වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක භික්ෂුව සැබවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශතවර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්තාවක් තිබේ. දහවන ශතවර්ෂය පමණ වනවිට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භූත කතාන්දරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ෂයේ පටන් මේ අද්භූත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භූත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය. 

වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කථා පිළිබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කථා, දෘෂ්ටාන්ත කථා, ආගමික කථා, ඉතිහාස කථා හා පාලක නිළධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කථාවන්ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථාවල අවුල්, තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථිර මූර්තිය මෙන් පෙනී සිටී. 

මෙය ලංකා ගුවන් විදුලියේ 'වානරයා' ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි. 

Write a review

Please login or register to review