• සතරවන වගන්තිය - Satharawana Waganthiya

සතරවන වගන්තිය - Satharawana Waganthiya

  • Price: Rs.612.00 Rs.680.00

Frederick Forsyth විසින් රචිත The Fourth Protocol කෘතියේ සිංහල පරිවර්තනය. 

බ්‍රිතාන්‍යයේ අති වාමාංශිකයනට උපක්‍රමයෙන් බලය ලබා ගැනීම අරමුණු කොට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සාහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතාන්‍යයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න්‍යෂ්ටික උපකරණයක් පුපුරවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී, න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහාය. 

මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයට එවන, ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරන ලද ඔත්තුකරුවා බ්‍රිතාන්‍යයකු සේ ජීවත් වෙමින් තමනට රහසේ එවන කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද්‍යාඥයකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න්‍යෂ්ටික අවිය නිර්මාණය කරයි. 

එහෙත්, බ්‍රිතාන්‍යය තුළ සිදුවන යම් යම් සිදුවීම් නිසා සැකකොට ඉතා සුළු සිදුවීමක් පසුපස හඹාගොස් විමර්ශනය ක්‍රියාත්මක කරන දක්ෂ නිළධාරියෙකුගේ අවධානය මේ ගැන යොමු වෙයි. සැලසුමේ පරිදි මෙය පුපුරවා හැරීමට නියමිත දිනට පෙර දින රාත්‍රියේ මෙය ව්‍යර්ථ කිරීමට ඔහුගේ නායකත්වයෙන් කෙරෙන මෙහෙයුම සාර්ථක වී බ්‍රිතාන්‍යය මේ විනාශයෙන් බේරා ගැනීමට ඔහුට හැකිවේද?


Frederick Forsyth ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review