• අවසාන නින්දගම - Awasana Nindagama

අවසාන නින්දගම - Awasana Nindagama

  • Price: Rs.1,125.00 Rs.1,250.00

2018  ස්වර්ණ පුස්තක  සම්මාන දෙවන  වටය  සඳහා  නිර්දේශිත නවකතාව. 

"ඇයි අම්මෙ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ...? අපේ අපුච්චටයි අම්මටයි අපිට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි නැද්ද...?" 

හැඟීමක් දැනීමක් ඇති වෙන්න පටන් ගත් දා පටන් සොඳී ලැයිසාගෙන් විමසුවාය. ඇයට එයට ලැබුණේ අපූරු පිළිතුරකි. 

"අපිට කොහෙද බං උඩට ඇඳුම්.. උඩ හරිය වැහෙන ඇඳුමක් මං ජීවිතේට ඇඳල නෑ.. වලව්වෙ හාංදුරුවොයි ගොවිගම එතන හාමිලයි කිරිගොටු වාගෙ එල්ලගෙන යන්නෙ.. මාත් ආසයි එහෙම අඳින්ට.. ඒත් අපිට අවසර නෑ කෙල්ලෙ.." 

"කාගෙන්ද අම්මෙ..?" 

"කාගෙන්ද ඉතින් බණ්ඩර හාංදුරුවන්ගෙනුයි.. වලව්වෙ හාංදුරුවන්ගෙනුයි මිස. උඹල මේව දන්නෙ නෑ පුතේ.. අපි ඉපදිල තියෙන්නෙ බණ්ඩර වලව්වෙ දික්ගෙයි නැටුම් නටන්න.. අපිට කීවෙ නැට්ටුක්කාරියො කියලා.. වලව්වෙ බණ්ඩර හාංදුරුවො ඉස්සරහ අපි නටන්න ඕනැ.. උන්නාන්සෙට ඇති වෙනකම් අපි නටන්න ඕනැ..." 

"ඉතින් අම්මේ අපි ගෑනුනෙ. අනිත් ගෑනු උඩ හරිය වහගෙන යද්දි මොකද අපි ඇරගෙන යන්නෙ..?" 

"ඒක ඉතිං අපේ කරුමේ.. අපේ පවුල්වල උන්ට උඩට අඳින්න තහනං කෙල්ලෙ.."

Write a review

Please login or register to review