• ටාර්සන් සහ දිවි මිනිස්සු - Tarzan Saha Divi Minissu

ටාර්සන් සහ දිවි මිනිස්සු - Tarzan Saha Divi Minissu

  • Price: Rs.1,080.00 Rs.1,200.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan  and the Leopard Men කෘතියේ සිංහල පරිවර්තනය. 

"දිවි මිනිස්සු" නමින් හඳුන්වනු ලබන අභිරහස් වූත් දරුණු වූත් ම්ලේච්ඡ ගෝත්‍රයක් විසින් ස්වකීය සාමකාමී රාජධානියේ භීතිය පතුරුවා හරිනු ලබන බව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. 

කිසිවකු කිසි දා දෑසින් නොදුටුවා වූත් ස්වදේශික පුරාවෘත්තයන්හි පමණක් විස්තර වන්නා වූත් මේ දිවි මිනිසුන් ගේ අබිරහස් දේවාලයත්, ආරක්ෂක බලකොටුවත් සොයා ප්‍රබල ටාර්සන් මහ වනයේ ඈත අභ්‍යන්තරයට ගමන් කරයි. 

එහෙත් අතරමග දී නො සිතූ විරූ විපතකට මුහුණ පාන ඔහුට, තමා කවරෙක් ද යන්නත්, තම අතීතයත් අමතක වෙයි. කෙසේ වුව ද, අවසානයේ පියවි සිහිය ලබන ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන්, මිත්‍ර ස්වදේශිකයන් ගේත් මහ වානරයන් ගේත් ආධාර ලැබ, රුදුරු දිවි මිනිස් ගෝත්‍රය වනසා දමා මහ වනයේ සාමය සුරක්ෂිත කරයි.

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.495.00