• කිරි මදුවැල් - Kiri Maduwel

කිරි මදුවැල් - Kiri Maduwel

  • Price: Rs.427.50 Rs.475.00

"මං වැටෙන්න ගියොත්  බිනර මට වැටෙන්න  දෙන්නෙ නෑ නේද?" 

"නෑ." 

"පුංචි කාලෙ මම අනන්තවත් වැටිලා තියෙනවා. මාව වට්ටලත් තියෙනවා." 

"කවුද?"

"වෙන කවුරුවත් නෙමෙයි. යාලුවො. ඒත් වැටිච්ච හැම වෙලාවකම මං නැගිටලත් තියෙනවා." 

බිනර මුව තද කරගෙන සිටිය ද, ඔහුගේ දෙනෙතින් සිනාව දෝර ගලා යන අයුරු ධන්වන්තරී දුටුවාය. 

"එළියෙදි එහෙම වුනාට ගෙදරදි වැටුනාම මම නැගිටින්නෙ නෑ. අම්මා හරි අපුච්චා හරි ඇවිත් නැගිට්ටනකම් ඉන්නවා." 

බිනරගේ දෙනෙත්වල වූ සිනාව සැනෙකින් වියැකී ගියේය. ඔහුට ද තම පියා සිහියට නැගෙන්නට ඇතැයි ධන්වන්තරීට සිතිණ. 

"මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි අපුච්චයි මට ලැබිලා තිබුණ බිනර. මං වැටුනම ඒ දෙන්නා හිනා වෙනවා එන්න පුතේ නැගිටින්න කියලා." 

එවර බිනරට හඬ නගා සිනා පහළ වූයෙන් ධන්වන්තරීගේ සිතට සැහැල්ලුවක් දැනිණ.

Write a review

Please login or register to review