• මදුරාසි කෙල්ල - Madurasi Kella

මදුරාසි කෙල්ල - Madurasi Kella

  • Price: Rs.680.00 Rs.850.00

Shobha De විසින් රචිත Starry Nights කෘතියේ සිංහල පරිවර්තනය. 

විජී... මදුරාසි කෙල්ලෙක්. මදුරාසිය මුඩුක්කුවක.... අම්මයි, නංගියි එක්ක... තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු... බෝනික්කෙක්... පුළුන් වලහෙක්... අලුත් ගවුමක්... විජීගෙ පහලොස් වෙනි උපන්දිනේ දවසෙත් විජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා විජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා... ඒත් විජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි... "තිර පරීක්ෂණයක්..." චිත්‍රපටි නිළියක් වෙන්න "තිර පරීක්ෂණයක්..." එතනින්... මදුරාසියෙ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන "නිල් චිත්‍රපටි" වල "රඟපාන" නිළියක් විදිහට... ඊට පස්සෙ... මදුරාසියෙන් බොම්බායට... බොම්බායෙ "නිල් චිත්‍රපටි" වලට... ඊට පස්සෙ... චිත්‍රපටි තැරැව් කාරයෙකුගෙ අනියම් බිරිඳක් විදිහට... ඊටත් පස්සෙ... මැර දේශපාලකයෙකුගෙ සුරතලියක් විදිහට... කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල, බොම්බායේ හීන පුරය "බොලිවුඩ්" වලට පාර හොයා ගත්තා... බොලිවුඩ් වලදි "ආශාරාණි" වෙලා ආපහු අලුතින් ඉපදුණා... මුළු රටක් වසඟ කරගත්ත, සුපිරි බොලිවුඩ් තරුව ආශාරාණි... සිය දහසකගෙ පෙම්වතිය "ආශාරාණි..." මේ ඇගේ කතාව... තිරයෙන් දකින සුන්දර ගැහැණුන්ගෙ අසුන්දර ඇත්ත කතාව...

Write a review

Please login or register to review