• කාර් පිස්සුව සිතිවිලි එකතුව - Car Pissuwa Sithiwili Ekathuwa

කාර් පිස්සුව සිතිවිලි එකතුව - Car Pissuwa Sithiwili Ekathuwa

  • Price Rs.392 Rs.490

2016 අවුරුද්දේ  අහම්බෙන් පටන් අරන්, ඒ  අවුරුද්දෙම 'කාර්  පිස්සුව' ෆේස්බුක් පේජ් එක නිර්මාණය වෙන්නත් මූලික වුණු 'කාර් පිස්සුව' සහ 'අලුත් කාර්' කියන බ්ලොග් දෙකේ 2016 සහ 2017 අවුරුදු වල පළවුණු ලිපි අතරින් තෝරාගත්තු ලිපි කිහිපයක් මේ 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' කියන පොතට ඇතුළත් වෙලා තියෙනවා. මේ එකතුවට 2016 'නෙළුම් යාය' බ්ලොග් සම්මාන උළෙලේ 'විවිධාංග' අංශයේ සම්මානය හිමිවුණු ලිපියත් ඇතුළත්. කාර් පිස්සුවේ අරමුණ වුණේ අන්තර්ජාල අවකාශය ඇතුළේ, ශිෂ්ට සම්පන්නව, එදිනෙදා ජීවිතයට සමීප භාෂා රටාවකින්, වාහන සහ මිනිස්සු අතර තියෙන බැඳීම ගැන සිංහලෙන් කතා කරන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එකයි. ඒක තමයි 'කාර් වලට සිංහලෙන් ආදරය කරන පරපුර' කියන තේමා පාඨය නිර්මාණය වුණේ. 

අද වෙනකොට කාර් පිස්සුව කියන බ්‍රෑන්ඩ් එක අත්පත් කරගෙන ජනප්‍රියත්වය දිහා බලනකොට, ඒ උත්සාහය අතිශයින් සාර්ථකයි කියලා පේනවා. මේ ජනප්‍රියත්වයේ හරය අන්තර්ජාල අවකාශයෙන් ඔබ්බට අරගෙන ගිහින් තවත් විශාල පිරිසකට ඒක සමීප කරන්න ගන්න උත්සාහයක් වශයෙන් තමයි Soi 11 ප්‍රකාශනයක් විදිහට මේ ලිපි එකතුව එළිදකින්නේ. 

ඇත්තටම මේක කාර් පිස්සුව තියෙන අයටයි නැති අයටයි දෙගොල්ලන්ටම රස විඳින්න පුළුවන් පොතක්. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha