• Volkswagen ප්‍රශ්න සහ උත්තර - Volkswagen Prashna Saha Uththara

Volkswagen ප්‍රශ්න සහ උත්තර - Volkswagen Prashna Saha Uththara

  • Price Rs.280 Rs.350

මේ තියෙන්නෙ ක්ලැසික්  ෆොක්ස්වැගන් එක්ක  අවුරුදු  අටකට  වැඩි  කාලයක් ගත කරලා, ඒවා හතර පස් වතාවක් පේන්ට් කරලා, එන්ජින් පළු කරලා මුල ඉඳන් හදලා, ඉලෙක්ට්‍රික් වැඩ මුල ඉඳන් අගට කරවලා, තව දාහක් දේවල් වලට කරගහලා විඳපු අත්දැකීම් වලින් තෝරාගත්තු අත්දැකීම් පෙළක්. 

නිකං ලියන්නන් වාලේ ලියනවා වෙනුවට, මේ කාටත් කියවන්න ආසා හිතෙන විදිහට ලියන්නයි කර්තෘට අවශ්‍ය වුණේ. මේ ජාතියේ පොතක් ශ්‍රී ලංකාවේ මීට කලින් පළවෙලා නැහැ. 

මේක Buyers Guide එකක් නෙමෙයි. හැබැයි ඔයා ෆොක්ස්වැගන් බීට්ල් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නං, පිටරට වල ලියවුණු Buyers Guide වලට වඩා මේක ඔයාට වැදගත් වේවි. ඒ වගේම් දැනට බීට්ල් පාවිච්චි කරන අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඊට අමතරව, ක්ලැසික් කාර් පිස්සුව කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න කැමති අයත් මේක කියවනවා නම් අපි කැමතියි. 

මේක 'කාර් පිස්සුව' බ්ලොග් එකේ සහ 'කාර් පිස්සුව' ෆේස්බුක් පේජ් එකේ ඇඩ්මින්ගේ වැඩක්...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha