• ශේෂ වූ මතකය - Shesha Wu Mathakaya

ශේෂ වූ මතකය - Shesha Wu Mathakaya

  • Price: Rs.585.00 Rs.650.00

පෙනේරයකින් හලා ඉවත  ලන්නේ  ඒ  පෙනේරයේ  රැඳෙන වැඩකට නැති  'කප්පිය'. එහෙත් මේ කතා පුවතේ එන ළමා මනාලිය අප ඇවැසි යැයි සලකන සියල්ල ඉවත ලා පෙනේරය මත රඳවා ගන්නේ ඇගේ සොඳුරු මිහිරි මතක මකරන්දයයි. ඈ අන් සියල්ල අමතක කොට තමාගේ ස්නේහයට පාත්‍ර වූ දෑම පමණක් සිහිපත් කරයි. එහි මිහිර අත් විඳියි. එහි දුක මිහිරක් කොට විඳියි. කඳුල රොන් බිඳක් ලෙස වළඳයි. 

වැටි වැටී නැගිටිමින් ජීවිතය බදා වැළඳ ගෙන මතක සුවඳට ඉව අල්ලාන, එම මිහිර විඳින ගැහැණුකම ඇයට පමණක් නොව අපේ සමාජයේ සෑම ස්ත්‍රියාවක්ම අත් විඳින්නකි.


කමලා මාකන්ද්‍යා ආරූඩ නාමයෙන් ලේඛන ලෝකයට පිවිසි ලේඛිකාවගේ සැබෑ නාමය කමලා පුර්නයියා ටේලර්ය. වර්ෂ 1924 දී ඉන්දියාවේ මයිසූර්හි බ්‍රාහ්මණ වංශික පවුලක උපත ලැබූ කමලා වර්ෂ 1948 දී ඉංග්‍රීසි ජාතිකයෙකු හා විවාහ වී එංගලන්තයේ පදිංචියට ගොස් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළාය. Nectar in a Sieve (1955) නම් වූ ඇගේ මුල්ම මුද්‍රිත නවකතාව අතිශයින් ජනප්‍රියට පත්විණ. A Silence of Desire (1960), A handful of rice (1966), The nowhere man (1972) ඇගේ අනෙකුත් නවකතා අතරින් කිහිපයකි.

Write a review

Please login or register to review