• තීන්ත නදිය - Theentha Nadiya

තීන්ත නදිය - Theentha Nadiya

  • Price Rs.680 Rs.800

දහතුන් වැනි සියවසේ  පොළොන්නරුවේ  පරාක්‍රම  රජතුමන්ගේ  රාජකීය කවියා ලෙසින්  අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි. එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කිරීමත් සමගම ඔහුගේ ජීවිතය ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව්‍යයක් දෙමළ බසට පෙරලන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය අතර ඉරණම් සහගත ත්‍රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි. එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය. මේ අතරේ අසංක රජ මැදුරේ සේවය කරන දෙමළ සේවිකාවකට ආදරය කරන්නේය. එය තවත් මහා වියවුල් රැසක ඇරඹුමක් වන්නේ ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha