• සුවඳ තොටුපොළ - Suwanda Thotupola

සුවඳ තොටුපොළ - Suwanda Thotupola

  • Price Rs.640 Rs.800

'සුවඳ තොටුපොළ'  ප්‍රබන්ධ  කතාවක්ම නොවේ.  ඒ,  2000 වසරේ  හොංකොංහි පදිංචියට පැමිණි මා හට විඳින්නට ලැබුණු අත්දැකීම්, අසන්නට, දකින්නට ලැබුණු දේ අර්ධ - මන:කල්පිත චරිතයන් ගොන්නක් තුළින් නිරූපණය කරන්නට ගත් උත්සාහයකි.

එදා මෙදා තුර වසර 15 ක් පුරාවට හොංකොංහි ජීවත් වන මා තුළ, එදා මේ පුරවරය සම්බන්ධයෙන් වූ අදහස් අද වන විට වෙනස් වී තිබෙන්නට පිළිවන. එහෙත් මේ කතාව ලියන මොහොතේදී මට උවමනා කර තිබුණේ පළමු වතාවට හොංකොං වෙත එන ශ්‍රී ලාංකික යුවතියකගේ දෑසට පෙනෙන, 'සුවඳ තොටුපොළ' කියවන්නාටද ඒ අයුරින්ම දැකගැනීමට සැලැස්වීමය.

එහෙයින් 'සුවඳ තොටුපොළ' යනු සංකල්ප රූපයන් මවමින්, හොංකොං පුරය පුරා පාඨකයාව සංචාරයක ගෙන යන රූප රචනා සංචාරක ප්‍රයාණයක් ලෙසින් හැඳින්වීමේ වැරැද්දක් නොමැත.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha