• ඉසබෙලා ආර්යාව - Isabella Aaryawa

ඉසබෙලා ආර්යාව - Isabella Aaryawa

  • Price: Rs.495.00 Rs.550.00

ක්‍රිස්ටි ඉසබෙලා රෝස් බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ විසූ දහහත් හැවිරිදි රූමත් ඉංග්‍රීසි ජාතික අවිවාහක යුවතියකි. තුරුණු වියේදීම, 1818 අවුරුද්දේ පෙබරවාරි මස 22 දින ඇය ලංකාවේදී මිය යන්නේ අබිරහස් අන්දමිනි. ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ගිණුම් නිලධාරි ඩෙනිස් රෝස් රැකියාවකුත් සොයාගෙන, ලංකාවට පැමිණෙන්නේ ඔහුගේ සොහොයුරිය වූ ක්‍ර්‍රිස්ටි ඉසබෙලා රෝස්ගේ මරණයේ සුල මුල සෙවීමටය. එහිදී ඔහුට කිසිවෙකු නොසිතූ ලෙසින් දැනගැනීමට ලැබෙනුයේ ඇය හමුදාවේ ඉහළ නිලධාරියෙකු සමඟ ගෞරවනීය ලෙසින් විවාහපත් වී ආර්යාවක් ලෙසින් වෙසෙන අතරතුර, ප්‍රථම දරු ප්‍රසූතියේදී මියගිය බවයි. ඩෙනිස්ගේ ජීවිතයද ශ්‍රී ලංකාවේදී වෙනසකට බඳුන් වේ. 

ඩෙනිස් රෝස් ට ඉසබෙලාගේ සුල මුල පවසන මුතුමැණිකේ, වෙල්ලස්සේ කාන්තාවකි. වියරු ඉංග්‍රීසි ආක්‍රමණිකයෝ වෙල්ලස්සේ සිංහල ගම් බිම් වැනසූ හැටිත්, ඔවුන් හා සටන් වැදි සිංහල රණ විරුවන්ගේ අභීත භාවයත්, අසරණ සිංහල ගැමියන්ගේ දිවිපෙවෙතත්, ධන සම්පත් හඹා ගෙන ආ ඉංග්‍රීසි ආක්‍රමණිකයන් නිසා ඇති වූ ඒ අභාග්‍යය සම්පන්න කතාව පසුබිමින් විවරණය වේ. 

Write a review

Please login or register to review