• ඉරවඩි - Irawadi

ඉරවඩි - Irawadi

  • Price: Rs.247.50 Rs.275.00

තුතුට ඔහුගේ ගම රට  තොරතුරු දැනගන්ට  වුවමනා විය. තමන්  බගාන් රාජධානියට සමකාලීන පොළොන්නරු රාජධානියේ කෙනෙකැයි අනවරථ කී විට තුතුට ඒ ගැන තවත් තොරතුරු දැනගන්ට වුවමනා විය. පොළොන්නරු රාජධානියත් බුරුමයේ බගාන් රාජධානියත් අතර මහා විජයබාහු රජුගේ කාලයේ සිටම සම්බන්ධකම් පැවති බව අනවරථ කීවේය. විජයබාහු රජ්ජුරුවන්ගේ කාලෙ මෙහෙං එහාට උපසම්පදාව ගෙන ගිය බවත් අදත් ඒ නිකාය ලංකාවේ පවතින බවත් ඔහු කීවේය. අනවරථ මේ වෙලාවේ දී වෙළහෙළඳාම් ප්‍රශ්නයක් උඩ මහා පරාක්‍රමබාහු රජතුමා බගාන් ආක්‍රමණය කර අරිමර්දන රජුන් අල්ලාගත් බව කියන්න නොගියේය. එවැන්නක් කීමෙන් මේ සුහද වාතාවරණය පළුදු වෙතැයි ඔහුට බය හිතුණි. 

Write a review

Please login or register to review