• පුංචි මැන්ෆ්‍රඩ් - Punchi Manfred

පුංචි මැන්ෆ්‍රඩ් - Punchi Manfred

  • Price: Rs.180.00 Rs.200.00

Michael Morpurgo  විසින් රචිත  Little Manfred  කෘතියේ සිංහල පරිවර්තනය. 

චාර්ලී හා ඇලෙක්ස්ගේ සෙල්ලම් සගයා, ඔවුන්ගේ බලු පැටියා පුංචි මැන්ෆ්‍රඩ් ය. ඌට ඒ නම ලැබුණේ, කුඩා කල සිට අම්මාට අයිති වූ, සෙල්ලම් බලු පැටියාගෙනි. 

රෝදයක් කැඩුණු, ඒ සෙල්ලම් බලු පැටියාට අම්මා එතරම් ආදරේ ඇයි දැයි ඔවුන්ට ප්‍රහේලිකාවකි. 

1966, එංගලන්තය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ දිනට පසු දිනක, වෙරළේ දී ඔවුන්ට හමුවන ආගන්තුකයින් දෙදෙනා මැන්ෆ්‍රඩ්ගේ නම අසා කලබල වන්නේ ඇයි? ඒ මිනිසුන් දෙදෙනාට ඔවුන්ගේ පවුලත් සමග ඇති සම්බන්ධය කුමක්ද? 

මයිකල් මොර්පගෝ ගේ මෙම කෘතිය නිෂ්ඵල යුද්ධයේ, වේදනා අතරින් බිහිවුණු මිත්‍රත්වය හා ආදරණීය මතකයන් සමරයි. 


Write a review

Please login or register to review