• නිද්දානය - Niddanaya

නිද්දානය - Niddanaya

  • Price: Rs.612.00 Rs.680.00

"ඕවයෙ පල්මාණික්කම්  බැඳෙනව පොඩි බබා..."  විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලාන වලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලි වලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි.... තම හදවත මෙනි. මේ මෙහොතේ එය වුවමනා ප්‍රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී. 

ආදරයේ වැරදිකරුවෝ ද නිවැරදිකරුවෝ ද ඔවුහු ම වූහ. විජිගීෂාව, ඊර්ෂ්‍යාව, ද්වේෂය ඔවුන් දැන සිදුකළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔවුහු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද කොතැනක ද? බුද්ධියෙන් නොනැවතී ප්‍රඥාව තුළට මිනිසාට යා නොහැකි ද? 'නිද්දානය' තුළ සැරිසරන්නන් හා එක්ව එය පිරිසිඳ දැකීමට හැකි දැයි බලන්නට කතුවරිය ඔබට ආරාධනා කරන්නීය. 

Write a review

Please login or register to review