• කවිකම් මනරම් - Kavikam Manaram

කවිකම් මනරම් - Kavikam Manaram

  • Price: Rs.464.00 Rs.580.00

කවිකම් මනරම් වූ මේ  ග්‍රන්ථය කවි රස විඳීම ඉගෙන ගැනීමට හා ඉගැන්වීමට අවශ්‍ය මඟ පෙන්වීමක් වශයෙන් රචනා කර ඇත. කවියක් රස විඳීමට කිසියම් පුහුණුවක් අවශ්‍ය වේ. කවියා වචන වලින් පුද්ගලානුභූතියක් කාව්‍යානුභූතියක් බවට පත් කිරීමට අවශ්‍ය වර්ණ හා හැඩතල මවන්නෙකි. එනිසා පාඨකයා කවි කියවිය යුත්තේ විවේක බුද්ධියෙනි. කවියා සමඟ භාවමය සම්බන්ධතාවක් සඳහා පාඨකයාට කිසියම් සංවේදීතාවක් තිබිය යුතුය. ඉවසීමෙන් හා සංයමයෙන් කවි පරිශීලනය නොකර කවියා උපයුක්ත බසත් ව්‍යංගාර්ථත් අවබෝධ කර ගැනීමට නුපුළුවන. පාඨකයා ඊට අසමත් වුව හොත් කවියක අරුත මෙයින්ම රසයද නොවැටහෙයි. වින්දනයක් නියමාකරයෙන් නොලැබෙයි. ඒ නිසා කවි රස විඳීම සියුම් කටයුත්තකි. එමෙන්ම එය ආස්වාදජනක කටයුත්තකි. කවිය පාඨක සමාජයෙන් ඈත් වී තිබෙන්නේ මේ සියුම් කටයුත්තට අවශ්‍ය පුහුණුවක්, යම් ශික්ෂණයක් පාසලෙන් නොලැබෙන බැවිනි. 

Write a review

Please login or register to review