• ආදරය බලා ඉඳී - Adaraya Bala Indee

ආදරය බලා ඉඳී - Adaraya Bala Indee

  • Price: Rs.450.00 Rs.500.00

Ha Jin විසින් රචිත  Waiting කෘතියේ සිංහල  පරිවර්තනය.

චීන හමුදා සේවයේ නියුතු ලින් කොන්, සෑම ගිම්හානයකම තම ගම්මානය බලා යන්නේ, ආදර බැඳුමකින් තොර, යෝජිත විවාහයක් මගින් ඔහු හා බැඳී සිටින, කුලෑටි එහෙත් භක්තිමත් ගැමි බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමේ දැඩි අපේක්ෂාවෙන් යුතුව ය. එහෙත් ඒ හැම වරම ආපසු නගරයට යන ඔහුට එහි සිටින තම උගත්, නාගරික පෙම්වතිය වූ මන්නා නම් හෙදියට ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම කල් දැමීමට සිදුවන බව පවසන්නට සිදුවෙයි. එකිනෙකාට  බෙහෙවින් වෙනස් ගැහැනු දෙදෙනෙකුගේ පරස්පර විරෝධී ඉල්ලීම්වලට මැදිව, පරදාර සේවනය ජීවිතය හා වෘත්තියේ පැවැත්ම විනාශ කරන හේතුවක් ලෙස සැලකෙන සමාජයක් තුළ, මේ අයුරින් දහ අට වසරක් ගෙවී යයි. 

එහෙත් මේ වසරෙහි එය එසේ නොවන බවට ඔහු මන්නාට පොරොන්දු වෙයි...

Write a review

Please login or register to review