Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1711626742): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අයිස් කැට වැටෙන කාලය
  • අයිස් කැට වැටෙන කාලය - Ice Keta Wetena Kalaya

අයිස් කැට වැටෙන කාලය - Ice Keta Wetena Kalaya

  • Price: Rs.240.00 Rs.300.00

විනාඩි විස්සකට පමණ  පසුව,  සැලකිය  යුතු  මට්ටමකට මජං නාගෙන,  මවාගත් ඇල්ෆා මේල් ආඩම්බරයෙන් යුතුව ඔහු ඇතුළට ආවේ ය. පැරණි ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක නළුවෙකු බඳු ඔහුගේ රුව දුටු විට ඇයට සිට්‍රනය ගැන විස්තර දැනගන්නට ආශාවක් ඇතිවිය. එහෙත් ඔහුගේ දෑසේ ලියවී තිබුණේ කෙල්ලන්ට කාර් ගැන කියා දෙන්නට ලැබෙන විට කාර් පිස්සුව ඇති හිච්චි කොල්ලන් තුළ ඇතිවන ආකාරයේ 'මෙහෙම එකක් නං හා අම්මේ' ජාතියේ ටිංකිරිටින් හැඟුම් පේළියක් නොව අනාගතයට බියෙන් අතීතයේ එල්ලීගෙන වර්තමානය බෙට්ටක් වසන පූසෙකු මෙන් හංගන්නට දඟලන මැදිවියේ මනුස්ස ප්‍රාණියෙකුගේ භීතියේ යාතිකා ගීතිකාවකි. ඊට පෙර කිසි දිනක ඔහුගේ දෑසේ එවැනි ගීතිකාවක් අැලවී තිබෙනු ඇය දැක නොතිබිණි. ඇගේ සිතේ යළිත් අර තේරුම්ගත නොහැකි බලාපොරොත්තුවක් වැනි හැඟීම ඇතිවිය.

Write a review

Please login or register to review