• ආදර අංකුර - Adara Ankura

ආදර අංකුර - Adara Ankura

  • Price: Rs.1,360.00 Rs.1,700.00

දිල්ලි නුවර සායනයක තනි වූ බිළිඳියක්. කුලියට ගත් ගැබක හැදුණු මේ නළ බබා මෙලොව එළිය දකින තුරු හැමෝම ඇයට ඇළුම් කළා. ඒත් ඇය උපන්නේ භයානක ආසාදනයකට ලක්ව. ඒ කෙසේදැයි කිසිවෙක් දන්නේ නෑ. ඒත් එක දෙයක් ස්ථිරයි. දැන් මේ බිළිඳියව බාර ගන්න කවුරුන්වත් නැති විත්තිය.

සැතපුම් දහස් ගණනක් එපිට ලන්ඩන් නුවර දරුවෙක් හදා ගන්නට වෙහෙසෙන කේට් සහ බෙන්. ඔවුන් ගේ සියළු උත්සාහයන්ට දෛවය හරස් වෙනවා. ඊළඟ වතාවටත් ගබ්සා වූ පසු කුමක් හෝ වෙනසක් සිදුවිය යුතු බව සිතන කේට් ගේ දරු සිහිනය පුපුරා යයි ද?

මේ සියල්ල අතර ඩොලර් මිලියන ගණනක ගණුදෙනු කෙරෙන කුලී ගැබ් කර්මාන්තයේ සැබෑ මුහුණුවර සොයා ගන්නට වෙහෙසෙන උද්‍යෝගිමත් සමාජ සේවිකාව සිම්රන් සිං. මව්වරුන් හා දරුවන් සූරාකමින් ඔවුන්ගේ ජීවිත දූවිල්ලක් තරම්වත් නොසලකන මේ කර්මාන්තයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටින්නේ ඇය විතර ද?

Write a review

Please login or register to review