• කිරිල්ලියකගේ දින පොතෙන් - Kirilliyakage Dina Pothen

කිරිල්ලියකගේ දින පොතෙන් - Kirilliyakage Dina Pothen

  • Price: Rs.368.00 Rs.460.00

Cyrus M. Gonda, Smrity B  විසින් රචිත Air Hostess Diaries කෘතියේ සිංහල පරිවර්තනය. 


මගේ ආදර දිනපොත, ඉතින් ඔයාට කොහොමද? අන්තිමට ඔයාගේ පිටු දිග ඇරලා අවුරුද්දකුත් ගතවෙලා ගිහින්. මේ අහන්නකෝ ආදර දිනපොත, මම ඔයාට කියන්නම් මේ අවුරුද්ද පුරාවට, ඔයා හිටියෙ නැති කාලෙ මම කරපු කියපු හැම දෙයක්ම. ඉතින් ඔයා දන්නවනෙ, පහුගිය අවුරුද්ද පුරාවට මම මුම්බායට වෙලා හිටියෙ මගේ 'ගුවන් සේවා' පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරන්න කියලා. ඔයාට කියන්න මගේ ගාව ගොඩක්ම හොඳ ආරංචියක් තියෙනවා. මම පාඨමාලාව සම්පූර්ණ කළා. මට රස්සාවකුත් ලැබුණා. තව දුරටත් මම නිකන්ම නිකන් ප්‍ර්‍රීති සිංග් නෙමෙයි. දැන් මම ගුවන් සේවිකා ප්‍රීති සිංග්!

ඉතින් මගේ ගුවන් සේවා පුහුණු පාඨමාලාවෙ තොරතුරු, මම මුම්බායේ ගත කරන ජීවිතය, මගේ සබඳතා, මම මුහුණදුන් අත්දැකීම්, මේ වගේ හුඟක් දේවල් තියෙනවා මට ඔයත් එක්ක බෙදා ගන්න. 

Write a review

Please login or register to review