• දෛවය දායාද කළ ආදරය - Daiwaya Dayada Kala Adaraya

දෛවය දායාද කළ ආදරය - Daiwaya Dayada Kala Adaraya

  • Price: Rs.336.00 Rs.420.00

ආර්යා ඔරිස්සා ෆේන්ට  හදිසියේම  එංගලන්තය  හැර යාමට සිදුව තිබිණි.  ඇගේ එකම අවශ්‍යතාවය වූයේ සිය පරිභවසහගත කුඩම්මාගෙන් නිදහස්වීමය. ඇය ඉන්දියාව බලා යා යුතුයයි තීරණය කරන ඇගේ සොහොයුරා මුහුදු ගමනට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන්නේ රහසිගතවය. ආරූඪ අනන්‍යතාවයකින් යාත්‍රා කරන ඇගේ බලාපොරොත්තුව වූයේ සිය මාමා වූ කර්නල් හෙන්රි හොබාර්ට් වෙත යාමය. 

නැවේදී ඇයට හමුවන්නේ ඉතා කඩවසම් නමුත් අප්‍රසන්න හමුදා මේජර්වරයකුවූ මයිරොන් මෙරිඩිත්ය. ඇය වටහා ගත්තේ ඔහු තම සත්‍ය අනන්‍යතාවය පිළිබඳව විපරමෙන් පසුවන බවය. තමා කවුරුන්ද යන බව අනාවරණය වූයේ නම් ආපසු එංගලන්තය බලා යාමට සිදුවන්නේය යන සැකය නිසා ඈ බියට පත්ව සිටියාය. 

මුහුදු ගමනේදී අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දෙන ඇය ඉන්දියාව වෙත ළඟාවන විට එහි පැවතියේ අවුල් සහගත තත්වයකි. ඇගේ මාමාගේ කඳවුර ගෝත්‍රික කණ්ඩායම් විසින් වටකරගෙන තිබූ අතර ඇය පත්ව සිටියේ බරපතල අනාරක්ෂිත තත්වයකටය. අවසානයේ ඇය අවබෝධකර ගත්තේ කිසිදා නොපැතූ පරිදි තම ඉරණම මේජර් මෙරිඩිත් අත රැඳී පවතින බවය.

Write a review

Please login or register to review
රන් මල - Ran Mala

රන් මල - Ran Mala

Rs.256.00

වහලිය - Wahaliya

වහලිය - Wahaliya

Rs.440.00

ඇගේ කතාව - Age Kathawa

ඇගේ කතාව - Age Kathawa

Rs.584.00