• නුවරට යනකං රීලෝඩ් - Nuwarata Yanakan Reload

නුවරට යනකං රීලෝඩ් - Nuwarata Yanakan Reload

  • Price: Rs.297.50 Rs.350.00

"අපි  සියළු  දෙනා  ගොගොල් ගේ හිම  කබායෙන් එළියට ආවෙමු" යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත්‍ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියවීමෙනි. ඒ අපූර්ව වූත්, ප්‍රතිභාපූර්ණ වූත් ලියැවිලිවලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත්‍ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටි කතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත්‍ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අප ද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත්‍යාංගය වත්මන් පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට වෙසෙසින් උත්සාහ කළ යුතුය. 

Write a review

Please login or register to review