• ට්‍රම්පට් වාදක නායක සෙබලා - Trumpet Wadaka Nayaka Sebala

ට්‍රම්පට් වාදක නායක සෙබලා - Trumpet Wadaka Nayaka Sebala

  • Price: Rs.520.00 Rs.650.00

Thomas Hardy විසින්  රචිත The Trumpet Major  කෘතියේ සිංහල  පරිවර්තනය.  

ඉංග්‍රීසි ජාතික තෝමස් හාඩි (1840-1928) විසින් නිර්මාණය කරන ලද ද ට්‍රම්පට් මේජර් නමැති නවකතාව නවකතාකරණයේ අත්හදා බැලීමක් හා හාස්‍යෝත්පාදක නවකතාවක් ලෙස සැලකෙන විශිෂ්ඨ සාහිත්‍යය කෘතියකි. 

ද ට්‍රම්පට් මේජර් නවකතාව ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් (1769-1821) බ්‍රිතාන්‍යය හා සමග යුද්ධයක පැටලී සිටි කාලය පසුබිම් කරගෙන ලියැවී ඇත. තෝමස් හාඩි මෙකල සමාජ තත්වය හා ඇති වූ සිද්ධීන් පිළබඳව සිදු කළ තුලනාත්මක අධ්‍යයනයකින් හෙළි කරගත් කරුණු මෙම නවකතාව නිර්මාණය කිරීමේදී උපයෝගී කර ගත්තේය. 

කුමන රටක වුව ද යුද්ධය, බිය, සන්ත්‍රාසය, ආදරණීයයන්ගෙන් වියෝවීම, දේපොළ හානිය, ගම්බිම් හැරදමා යාම, අහිමි වන ජීවිත ඇතුළු තවත් ශෝචනීය සාධක ගණනාවක් පිළිබඳ අමිහිරි මතක සටහන් එරටේ ජනතාවගේ සිත් තුළ ඇති කරවයි. මෙවැනි සාධක මෙන් ම හඳුනාගත් සමකාලීන සමාජ දුර්වලතාවයන්, යොවුන් වියේ ආදරය, යොවුන් සිත් තුළ විසිරී යන සිතුවිලි, මානව සම්බන්ධතා හා මානුෂීය කැපකිරීම් මෙම නවකතාවෙන් මැනවින් නිරූපණය වෙයි. 

අපේ ජීවන අත්දැකීම් පුළුල් කරවන මෙම ලෝ පතළ නවකතාව, තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු හා තැපැල්පතිවරයෙකුව සිටි ප්‍රවීණ ලේඛක ඇම්. ඇම්. පියවර්ධන මහතා විසින් සිංහලයට නගන ලදුව ආශිර්වාද ප්‍රකාශනයක් ලෙස මෙසේ පාඨක ඔබ අතට පත්වෙයි. 


Write a review

Please login or register to review