• ආයුබෝවන් - Ayubowan

ආයුබෝවන් - Ayubowan

  • Price: Rs.424.00 Rs.530.00

Atka Reid & Hana  Schofield විසින් රචිත  Goodbye Sarajevo කෘතියේ සිංහල පරිවර්තනය. 

යුද්ධයක් සමග ජීවත් වුණු පවුලක වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි. 

1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සඳහන් වේ. 

යුද්ධයට මැදිවී අනේකවිධ ප්‍රහාරයන්ට මැදිවෙමින් ජීවත්වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි. 

ඒ සමඟම යුධ පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ජාතික තරුණයකු සමග භාෂා පරිවර්තිකාවක බවට පත්වීමෙන් පසු ඇය පමණක් නොව ඇගේ මුළු පවුලම යුද බිමෙන් ගලවාගෙන තම රටට ගෙනයෑම සඳහා ඔහු දරන වෑයම විදේශිකයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ශ්‍රේෂ්ඨ කාර්යයකි. 

අට්කාගේ හා හනාගේ කතා ප්‍රවෘත්තිය මෙසේ අද ඔබ අතට පත් වන්නේ පරිවර්තන රාශියක් ඔබ අතට පත් කළ අනුල ද සිල්වාගේ සරල සුගම භාෂා රීතියන් සමගය.

Write a review

Please login or register to review