• අනුෂ්කා - Anushka

අනුෂ්කා - Anushka

  • Price: Rs.540.00 Rs.600.00

ජනප්‍රිය නවකතා රාශියක්  මේ වන විට ලියා  ප්‍රකාශයට පත් කර පාඨක ජනයාගේ හදවත් දිනා ගෙන ඇති සමන් මහානාම දිසානායකගේ තවත් නවකතාවකි 'අනුෂ්කා'. 

වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇය තෝරාගත් බව දන්වන ලිපිය අතට ගත් අනුෂ්කාගේ කතාව වරෙක පාඨකයා මවිතයට පත් කරවමින් ද, වරෙක සංවේදනාත්මකවත් ගලා යාමට සලස්වමින් ද, සමන් මහානාම දිසානායකයන් ඔහුගේ නිර්මාණශීලී බවත්, නවකතාකරණයේ හැකියාවත් මොනවට පිළිබිඹු කරයි. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පුරවරය නවකතා නිර්මාණකරුවන්ගෙන් සරු තෝතැන්නකි. මෙනුවර පිහිටුවා ඇති සිංහල ලේඛක සංසදය, සිංහල සාහිත්‍යයේ උන්නතියට ඉමහත් සේවයක් ඉටු කරයි. ලේඛක සංසදයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන සමන් මහානාම දිසානායකයන් සිඩ්නි නගරයේ ජීවත්වන සිංහල නවකතා නිර්මාණකරුවන් අතර මුල් පෙළේ සිටී. 

Write a review

Please login or register to review