• ඈත දුර ඈත - Etha Dura Etha

ඈත දුර ඈත - Etha Dura Etha

  • Price: Rs.630.00 Rs.700.00

හොංකොං  'යන - එන'  නගරයකි.  එහි එන  කිසිවෙක් වැඩි කල්  නොරඳති. ඒ සුපිරි නගරයේ, දෙනෝදාහක් මැද, විදේශයකින් එන කෙනකු හුදෙකලා වීම වළක්වනු නොහැකිය. කලාතුරකින් කෙනකුට සොයා ගත හැකි දැඩි, ගැඹුරු බැඳීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබඳතා නොගැඹුරුය. හරසුන්ය. ඒ නගරය තුළ කෙනකුගේ ජීවිතය පටුය. අස්ථිරය. අවිචක්ෂණය. 

සුඛෝපභෝගී සන්නාම වෙළඳ භාණ්ඩවලින්, වායු දූෂණයෙන්, කිසිවිටෙකත් නොනිවෙන විදුලි අලෝකයෙන්, වෘත්තීය සහ සමාජීය අභියෝගවලින් පිරුණු ඒ සුපිරි නගරය තුළ සැබෑ ප්‍රේමයට පවා ඉඩක් නැති තරම්. සිය පාළුව මකා ගැනීම සඳහා මතුපිට සුන්දරත්වය පමණක් සොයා යන තැළුණු සිතැත්තන්, ඒකඝන පදනමක් මත පිහිටිය හැකි ස්ථානයකට එන තුරු ඒ ඛේදජනක නාගරික හුදකලාවට හසුවී ඉබාගාතේ ගසාගෙන යනු ඇත. 

'ඈත දුර ඈත' නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවකගේ ජීවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි. 

Write a review

Please login or register to review