• අපේ ගමේ විත්ති - Ape Game Withthi

අපේ ගමේ විත්ති - Ape Game Withthi

  • Price: Rs.216.00 Rs.240.00

ජන කතාව, ජන කවිය  සේ ම  විත්ති  කතා  සාහිත්‍යයකට ද අපි  උරුමකම් කියමු. විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද්‍රීය කරගෙන ය. කෙත - කමත - වැව - කඩමණ්ඩිය - නානතොට - පිංතාලිය - වක්කලම - අන්දර වැටිය - පිල්ලෑව විත්ති කතා සාහිත්‍යයේ තෝතැන්න ය. සැබැවින් ම මේ වටා ගෙතුන විත්ති කතා, අපට අපේකම කියාදෙන ඥාතීන් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝ ය. සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය. 

විත්ති කතා සාහිත්‍යයේ පුරෝගාමියකු වන පියසේන කහඳගමගේ සාහිත්‍යවේදියාණන් අතින් ප්‍රබන්ධිත 'අපේ ගමේ විත්ති' නම් මෙකී සාහිත්‍ය කෘතිය, අදින් වසර පනහක් ඔබ්බෙහි වූ දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනි ය. එහි දී අපට අපෙන් ඈත් වී යන ගමත් - අපේකමත් යළි හමු වේ. ඒ ඔස්සේ ළෙන්ගතු වන ඥාතිකම කෙතරම් ප්‍රබල ද යත්, 'අපේ ගමේ විත්ති' කියවා අවසන් වූ පසු මනසෙහි පදිංචි වන එම චරිත අප සමග ජීවත් වීමට පටන් ගනී.

Write a review

Please login or register to review