• ගරුඩ මුහුර්තය - Garuda Muhurthaya

ගරුඩ මුහුර්තය - Garuda Muhurthaya

  • Price: Rs.1,350.00 Rs.1,500.00

2017  ස්වර්ණ  පුස්තක  සම්මානය  සඳහා  නිර්දේශිත  නවකතාව... .

  

සරණා ඈ නිහඬව බලා ඉනු දැක කිවේ ය. කපුරු මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අගුරුවන්ව ඉතිරි වූ දර ඉපල් අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මුකලානත් අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය . ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මානයේ මෙහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි. ඇයගේ පැවතුම අමුතු ය. සරණාට එය වැටහේ. ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේ ය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය. සරණා බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟෙහි ගෑවී නොගෑවී නවතින විට, "මොකක්දෑ මේ?" යි ඔහුට ඇසුණේ ඉබේම ය. ඇගෙන් පිළිතුරක් නොලැබිණි. එහෙත් ඇගේ ඇස අමුතු විය.෴

Write a review

Please login or register to review