• විස්මිත සිහින දකින්නා - Wismitha Sihina Dakinna

විස්මිත සිහින දකින්නා - Wismitha Sihina Dakinna

  • Price: Rs.900.00 Rs.1,000.00

ඓන්ද්‍රීය  සංවේදන  පරාසයෙන් ඔබ්බෙහි  නොනැවතී  රළ  නඟන  අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. 

සිහිනය - හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධි වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉඳිමින්ම ඔබ ඉරණම තුළම ජීවත් වේවි. ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි. ඒ, ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකින්. 

විජය දේශය - නමුත් අපට වුණේ විශාල අත්වැරැද්දක්. ලංකාවේ ඒ කාලෙ ඇත්තටම එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා. අදටත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා. නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙවෙයි, වෙනත් තාක්ෂණයකින්. ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණනකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම වීම. 

අදිසි අවිය - තරප්පු පෙළින් බැස ආ ජූල්ස් වර්න් විස්මයට පත් දෑසින්, තමා ඉදිරියේ සිටින තරුණයාගේ ඇඳුම් පැළඳුම් හා හැඩරුව දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය. එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ. ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධකරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අළලවන්නට සමත් විය. "ඔබ අනාතගයෙන් ද....?"

Write a review

Please login or register to review