කුමාරිහාමි 2 - Kumarihami 2
- Price: Rs.765.00 Rs.850.00
- Author: Priyanka Amaratunga - ප්‍රියංකා අමරතුංග
- Book Code: 9789556715316
- ISBN: 9789556715316
-
Publisher: Sarasavi Publishers
- Availability: Out Of Stock
"අයියණ්ඩි... බිය නොවන්න අයියණ්ඩි... මැරෙන්ට මම බය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්."
මද්දුම බණ්ඩාර සෘජු කරගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිව ගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාගන්නට මට සිතේ. එහෙත් අප්‍රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් කෙමෙන් තල්ලු වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවකින් අනොරා වැසි ඇද හැලෙනු නියතය.
මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද?
මද්දුම බණ්ඩාර තමා අල්ලා ගන්නට තැත් කළ වධකයින් දෑත් ගසා දැමුවේය. කිසිවෙකුගේ බල කිරීමකින් තොරව ඉදිරියට පා නැගූ ඔහු දංගෙඩිය මත හිස තබන අයුරු යන්තමින් මම දිටිමි. රතුම රතුපාට පසුබිම තද දම්පාටට හැරෙද්දී මගේ දෙපා අප්‍රාණිකව යනු මට දැනිණ. උණුසුම් දියරයක් මගේ මුහුණ මත පතිත වද්දී මා වියරු නොවැටුණා පමණි. ඒ කුමක්දැයි මට හඳුනාගත නොහැකිද..? දෙවියනි..? ඒ මගේ රුධිරයෙන් පෝෂණය කළ මගේ ආදරණීය පුතුගේ උණුසුම් රුධිරයෙහි සුවඳ නොවේද?
ස්වප්න - Swapna
Rs.585.00
ඉහිරුණු කිරි - Ihirunu Kiri
Rs.441.00
කිරි මදුවැල් - Kiri Maduwel
Rs.427.50
කුමාරිහාමි 1 - Kumarihami 1
Rs.1,071.00
සඳ මම නම් - Sanda Mama Nam
Rs.360.00
තුල්‍ය රූප - Thulya Rupa
Rs.441.00
ඇහැල සුවඳ - Ehala Suwanda
Rs.1,161.00









