Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1751526511): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සඳ වියරුව - Sanda Viyaruwa
  • සඳ වියරුව - Sanda Viyaruwa

සඳ වියරුව - Sanda Viyaruwa

  • Price: Rs.450.00 Rs.500.00

පහන් නිවුණු කාමරයට හඳ එළිය ගලා එන්නට විය. කවුළුවේ යකඩ පොලු සඳ එළියට දිලිසුණි. රම්‍යාගේ උණුසුමේ තුරුළුව නින්දට වැටුණ මම ලොකු මාමා ආපසු ආ වේලාවක් ද නොදත්තෙමි. 

මැදියමත් ගෙවී ගිය පසු මා හදිසියෙන් අවදි වූයේ රම්‍යා කෑ ගසන හඬ අසමිනි. ඈ වෙව්ලද්දී ඇඳ වියනද සෙලැවිණි.

"රම්‍යා..., රම්‍යා, මොකද මේ?" ඈ අවදි වූයේ මා මෙසේ කතා කළාට පසුවය. 

තවමත් හතිලමින් සිටි ඈ සිරුර පුරා සිහින් ඩා බිඳු නැගිණි. 

"මොකක්ද වුණේ රම්‍යා?"

"අනේ මන්දා අනේ... බල්ලෙක් මාව එළවගෙන ආවා. දිග ලොම් තියෙන බල්ලෙක්." 

"ඔයා මේ විකාර කතා අහල බය වෙලා." 

"හීනයක් වුණාට මට සේරම මතකයි." 

"මහත්තයා - නෝනා කරදරයක්ද?"

Write a review

Please login or register to review