Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1751737333): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ලෙයිලා සහ අයියාන්
  • ලෙයිලා සහ අයියාන් - Leyla Saya Ayyan

ලෙයිලා සහ අයියාන් - Leyla Saya Ayyan

  • Price: Rs.520.00 Rs.650.00

Asne Seierstad විසින්  රචිත Two Sisters කෘතියේ සිංහල පරිවර්තනය. 

සදික් ජුමා ඔහුගේ දියණියන් ගැන කතාව කියන්නට කැමති වූයේය. "මිනිසුන්ට අනතුරුදායක දේ තේරුම් ගැනීමට හැකිවෙනවා දකින්න මම කැමතියි." සදික් කීවේය. "අපි අන්ධයන් වගේ ජීවත් වුණා. අපි හිතුවා ඒවා ටික කාලයකින් මග ඇරෙයි කියලා. ඒත් අපට දැන් හොඳට තේරෙනවා." 

ඔහු නිවස, පාසල, පොලිසිය හා පල්ලිය සමග සහයෝගයෙන් වැඩ කරමින් මේ සම්බන්ධයෙන් කරුණු සෙවූ අතර මේ ගැන මා හා කතා කළ විට මගේ සිතට නැගුණු එක ම ප්‍රශ්නය වූයේ මේ දේ සිදුවූයේ කෙසේ ද යන්නයි. 

මා බොහෝ දෙනා සමග කතා බස් කර, සම්මුඛ සාකච්ඡා කර මේ පිළිබඳව කරුණු සෙව්වා. ඔස්ලෝ මුස්ලිම් පල්ලිය, ඉස්ලාම් නෙට් හා වෙනත් මුස්ලිම් තරුණ සංවිධාන, මුහුණු පොත්, පාසලේ ගුරුවරුන්, ලෙයිලා හා අයියාන් ගේ මිතුරු මිතුරියන්, තුර්කියේ තානාපති කාර්යාලයේ නිලධාරින් සෑම අයෙකු සමගම මා සාකච්ඡා කළා. අයියාන් සහ ලෙයිලා සමග මා කතා කළේ අන්තර්ජාලය හරහා. ඔවුන්ගේ සැබෑ නම් වෙනස් කිරීමට මට සිදු වූවා. 

2015 දී මා උබයදුල්ලා හුසේන් කිහිප වරක් හමුවූ මුත් ඔහුගෙන් කිසිවක් දැන ගැනීමට හැකි වූයේ නෑ. බස්තියන්, අර්ෆන් බත්ති, හුසේන් ගැන කරුණු දැන ගත්තේ වෙනත් අයගෙන්. ඒ සඳහා මා සදික් සමග සෝමාලියාවේ ඔහුගේ නිවසට හා හටායිවලට පවා සංචාරයන් කළා. 

ඒ හැර පර්යේෂණ වාර්තා හා පොත් පත් බොහෝ ගණනක් කියවීමට මට සිදු වූවා. සදික් හා සාරා ආධාර නොකළේ නම් මෙම පොත ලියවෙන්නේ නැත. 

Write a review

Please login or register to review