Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773529883): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Bheema Samayaka Lama Viskam
  • භීම සමයක ළමා විස්කම් - Bheema Samayaka Lama Viskam

භීම සමයක ළමා විස්කම් - Bheema Samayaka Lama Viskam

  • Price: Rs.280.00 Rs.350.00

ජර්මනියේ අඩොල්ෆ්  හිට්ලර්ගේ  පාලන  සමය  (1933-1945) වචනයේ  පරිසමාප්ත අර්ථයෙන්ම "භීම සමයක්" විය. ලෝක ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු මනුෂ්‍ය සංහාරය සිදු වූයේ, ඒ කාළය තුළය. ඔහුගේ නියෝග අනුව මරා දමන ලද යුදෙව්වන්ගේ සංඛ්‍යාව, මිලියන හයක් පමණ විය.

ජර්මනියේ පමණක් නොව ඔහු විසින් යටත් කර ගන්නා ලද අවුස්ත්‍රියාව, පෝලන්තය, ප්‍රංශය ආදී රටවල ජීවත් වූ යුදෙව් ජාතිකයෝද එම සංහාරයට ගොදුරු වූහ.

ජෝෂෆ් ජොෆෝ (අවු. 10) සහ මොරිස් ජොෆෝ (අවු. 12) ඒ යුගයේ පැරිස් නුවර ජීවත් වූ යුදෙව් සහෝදරයෝ දෙදෙනෙක් වූහ. ජර්මානු සෙබළුන් යුදෙව්වන් සොයා පැරිස් නුවර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට වූ විට, වහාම ප්‍රදේශයෙන් පලා යන ලෙස ඔවුන් දෙදෙනාට ඔවුන්ගේ පියා විසින් උපදෙස් දෙන ලදී. එතැන් පටන් අවුරුදු පහක් පමණ කාලයක් තිස්සේ විවිධ ප්‍රදේශවලට පලා යමින්, පරීක්ෂණවලට මුහුණ දෙමින්, පණ බේරා ගැනීම සඳහා ඉතා උපායශීලීව ඔවුන් දැරූ විශ්මිත ප්‍රයත්නය කෙතෙක් සාර්ථක වේද?

Write a review

Please login or register to review