Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1750154540): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සියොත් තටු සිඳ - Siyoth Thatu Sinda
  • සියොත් තටු සිඳ - Siyoth Thatu Sinda

සියොත් තටු සිඳ - Siyoth Thatu Sinda

  • Price: Rs.280.00 Rs.350.00

"ගෑනු මොලේ හැඳිමිටේ කියන්නෙ ඕකට තමයි" 

"ඒ මොකක්ද හැඳිමිට?" සිරියාවතීගේ කෝපය ඇස්වලින්ද පිටවිය. 

"ටිකක් හතල බලපන්. ඒ මිනිහ ඉලන්දාරියෙක්. මුං ඔක්කොම ලමිස්සියො. ඔය හැන්දෑවල්වල නවත්තගෙන..." 

"නවත්තගෙන මොකක්ද?" 

"උඹල ගෙයි ගෙම්බො වගේ ඉන්නව මිසක් රටේ ලෝකෙ වෙන දේවල් ගැන දන්නවයැ. ඔය ඊයෙ පෙරේදා පත්තරේකත් තිබුණෙ ඉස්කෝලෙ ගුරෙක් හැන්දෑවෙ උගන්නන්ඩ කියල නවත්තගෙන ගෑනු ළමයෙකුට කරල තියෙන හරිය." 

"මොනවද කරල තියෙන්නෙ?" 

සිරියාවතී ඒ ප්‍රශ්නය ඇසුවේ තරමක් පසුබෑ හඬකිනි. උදුලාගේ සිතද තාත්තාගේ ඒ වචනවලින් ගැස්සී ගියේය.

Write a review

Please login or register to review