රළ - Rala
- Price: Rs.405.00 Rs.450.00
- Author: Malini Gowinnage - මාලිනි ගෝවින්නගේ
- Book Code: 9789553102140
- ISBN: 9789553102140
-
Publisher: Sarasavi Publishers
- Availability: Out Of Stock
ලංකාවේ දකුණුදිග වෙරළට 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ කඩා වැදුණු සුනාමි රළ පහරින් සොනාලි දැරණියගලට ඇගේ මව්පියන්ද සැමියා සහ දෙදරුවන්ද අහිමි විය. ඇගේ ජීවිතය විස්මයජනක ලෙස බේරුණේය. ඉන් වසර ගණනාවක් ඇවෑමෙන් ඇය තබන මෙම මතක සටහන සෝබරය, එඩිතරය.
එම බිහිනුණු ආරම්භක නිමේෂයන්ද, ඉක්බිති ඇය අරඹන ජීවන චාරිකාවද මෙහි දිග හැරෙයි. මුහුණ දිය නොහැකි වූ එමෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි වූ ඒ යථාර්ථය ඔස්සේ ගමන් කරමින් ඇය සිය සැමියා සහ දෙදරුවන් සමග දෙරටෙහිම ගත කළ ප්‍රීතිමත් ජීවිතය, කේම්බ්‍රිජ් සරසවියේදී අනාගත සැමියා මුණගැසීමෙන් පසු ගෙවුණු සුන්දර සමය සහ කොළඹදී මව්පියන් සමග ගත කළ ළමා අවධිය පිළිබඳව මතකයේ කෙටී ඇති සටහන් පාඨකයා හමුවේ තබයි.


