රාජා රාණී - Raja Rani
- Price: Rs.594.00 Rs.660.00
- Author: Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- Book Code: 0781799
- ISBN: 9789550781799
-
Publisher: Nimsa Publications
- Availability: Out Of Stock
සොහොයුරියන් දෙදෙනා සමග මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ දෙදෙනාගේ පෙම්වතුන් උත්සුක වෙති. විසල් නිවසක උඩුමහලේ කාමරයක් ඇති බව කියා ඔවුන් ඇයව කැඳවාගෙන යන්නේ එහි යතුරු එය හිස්කරන මිතුරාගෙන් ලබාගත් බව කියමිනි.
නිවැසියන්ට ඇය එන බව දැන්වූ බවද කියයි. නිවසේ සිටින්නේ මිතුරාගේ නැන්දා බව ඇය වැරදි වැටහීමක් ගන්නේ ඔවුන් දෙදෙනාගේ කතා බස් ඇසුරිනි.
ඇය නිදහසේ කාමරයට වී සිටියදී ඇයගේ කාමරයේ දොරට තට්ටු කරන්නේ නැන්දා විය හැකියැයි ඇය සිතුවද නැත... ඒ තට්ටුව දමා ඇත්තේ තරුණයෙක් බව දකිද්දී ඇය බියට පත්වෙයි.
ඇයගේ නම දේශිකා රාණි පියතිස්සය. ඔහුගේ නම රාජා ජිනේන්ද්‍ර මිහිඳුකුලය. මේ විහිළුව කළේ ඔවුන්ගේ නම්වල සමානත්වය නිසා බව ජිනේන්ද්‍ර වටහා ගනී. ඇයට නවාතැනක් ලැබේද? රාජාගේ සිතේ ඇය ගැන ඇත්තේ කුමන හැඟීමක්ද? රාජා රාණිගේ එක්වීමට බාධාවක් වේද...?