Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1772541177): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සුදු නෙළුම
  • සුදු නෙළුම - Sudu Neluma

සුදු නෙළුම - Sudu Neluma

  • Price: Rs.675.00 Rs.750.00

"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." 

"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." 

"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" 

"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." 

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. 

"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." 

Write a review

Please login or register to review