Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1776683139): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 වැව් පතුලේ කිඳුරිය
  • වැව් පතුලේ කිඳුරිය - Wev Pathule Kinduriya

වැව් පතුලේ කිඳුරිය - Wev Pathule Kinduriya

  • Price: Rs.495.00 Rs.550.00

බබිතා  ඇගේ  යොවුන්  වියේ දී ගමට පැමිණෙන  ආගන්තුක තරුණයන්  අතින් දූෂණය වෙයි. නඩු මගට ගියහොත් ඇය මරා දමන බවට ඔවුන් තර්ජනය කරයි. ඇගේ සොඳුරු පෙම්වතා ඇය අතහැර යයි. ඇගේ පියා පවසන්නේ අසාධාරණයට එරෙහිව නඩු කියන්නට ඇය නිර්භීත විය යුතු බවයි. ඇගේ මව සිය දියණිය වැව් පතුළට පැන දිවි නසා ගත් බව අඟවා ඇයව ගමෙන් පිට කරන්නේ පැහැදිලි හේතු ඇතිවය. එක දෙයක් මතක තියාගන්න මගෙ පුතේ... මැරිච්ච සිංහයෙකුට වඩා ජීවත්වෙන බල්ලෙක් දහස් වාරයක් වටිනවා. 

කොළඹ නගරයට පැමිණෙන ඇගේ කතාව උද්වේගකරය. සිය වේදනාබර අතීතයෙන් මිදී ආදරය හා මිත්‍රත්වය හරහා චමත්කාරජනක ගමනක් යන ඇය මිනිස් හදවතේ ගැඹුර අපට කියා දෙයි. සමාජයේ ගැහැනියක ලෙස ජීවත්වීමට ඇති අභියෝගයේ අපේක්ෂාභංගත්වය වෙත අපව කැඳවාගෙන යයි. ඇගේ ජීවිතය අඳුරු ආගාධයකට තල්ලු වී යන්නේ කෙසේ ද, අද දවසේ තාරුණ්‍යයේ ඉරණම කවරාකාර ද? යන්න අපට පසක් කරයි.

Write a review

Please login or register to review