අමුතු තාලේ ආදර කතාවක් - Amuthu Thale Adara Kathawak
- Price: Rs.360.00 Rs.450.00
 
- Author: Chandrasiri Palliyaguru - චන්ද්‍රසිරි පල්ලියගුරු
 - Book Code: 9789556778731
 - ISBN: 9789556778731
 - 
            
Publisher: Surasa - Fast Publishing
 - Availability: In Stock
 
මට සිද්ධ වුණේ කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි විදිහේ සුරංගනා කතාවක් වගේ දෙයක්වත් ප්රාතිහාර්යයක්වත් නෙවෙයි. මං හිරේට වැටිලා. එළියට එන්න බැරිවෙන විදියට. හිරේ දොරට යතුරුත් දාලා වැහැව්වෙ රෙජිස්ට්‍රාර් කන්තොරුව් දී.
මගේ නිදහස් ජීවිතේ දොර වැහුණෙ නොවැම්බර් මාසෙ පස් වෙනිදා එකොළහට විතර සිකුරාදා දවසක, උදේ දහයමාරට විතර, වැඩේ ඔක්කොම ඉවර වෙලා එළියට එද්දි මට දැනුණෙ කොච්චර ඉක්මනට කෙනෙකුට උගුලකට අහුවෙන්න පුළුවන් ද කියලයි?




