එළියකන්ද වධ කඳවුර - Eliyakanda Wadha Kandawura
- Price: Rs.850.00
- Author: Rohitha Munasinghe - රෝහිත මුණසිංහ
- Book Code: 9789555733793
- ISBN: 9789555733791
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලදුව වැලිගම යුද හමුදා කදවුර, මාතර එලියකන්ද වධකාගාරය, බූස්ස රැඳවුම් කඳවුර, කොක්ගල පුනරුත්ථාපන කදවුර යන ස්ථානවල වසරක් පමණ කොටුවී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේය.
හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු ම්ලේච්ඡ ක්‍රියා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.
"එලියකන්ද වද කදවුර" නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යැයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේදී හමුදා කඳවුරු තුළ ද වදකාගාර තුළද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නොවූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්රහයකි.
Rohitha Munasinghe - රෝහිත මුණසිංහ